මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව වාර්තා වනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසනවා.
ඒ අනුව ඡන්ද හිමි නාම ලේඛණ තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලු ඊ සේවා නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.