සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීවයි.
මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන වන බවයි වාර්තා වුනේ.
එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම අත්‍යවශ්‍ය වනවා.
මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර වන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන නීති සහ රෙගුලාසිවලට යටත්ව දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව අරමුණු කර මෙම වීසා පහසුකම සපයන බවයි මාලදිවයින් රජය සඳහන් කරන්නේ.
තම රජය ශ්‍රී ලංකාව වෙත දක්වන ඉහළ ප්‍රමුඛතාව මෙමගින් යළි තහවුරු කෙරෙන බව මාලදිවයින් රජය වැඩිදුරටත් සඳහන් කරනවා.
උණුසුම් පුවත්
- මැගසින් කැරැල්ලට හවුල් උසාවි නොආ 20කට වරෙන්තු
- කළුතර රෝහලේ වාට්ටු මොරටුව වෛද්‍ය පීඨයට දීමේ තීරණයෙන් දොස්තරලාගේ විරෝධයක්
- හික්කඩුවේදී ධීවරයෙකුට වෙඩි තැබීමට ගත් උත්සාහයක් අසාර්ථක වෙයි
- කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය ලංකාවේ උසම ගමට යයි
- වසරේ මේ දක්වා පොලිසියේ 300කගේ වැඩ තහනම් – අමාත්‍ය ආනන්ද විජේපාල
- පියුමි හංසමාලිගෙන් සහ අවුරා ලංකා සභාපති තාඹුගලගෙන් රජයට බදු පොල්ලක්
- අද පස්වරුවේ ලොකු වැස්සක්
- සැප්තැම්බර් 1 සිට අධිවේගයේ බස්වල මගීන්ටත් ආසන පටි අනිවාර්යයි ?