සිරගතව සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් ඔවුන් වෙත ලබාදුන් දඬුවම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය හෙට(10) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද(09) විභාගයට ගැනුණා.
එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දේශන ඉදිරිපත් කිරීම සිදු කළා.
අලි සබ්රි මහතා විසින් වැඩිදුර දේශන හෙට(10) දිනඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.














