
ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් ඇතුළු පුද්ගලයින් පිරිසකට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ 21ක දඩයක් නියම කර තිබෙනවා.
දිනක් තුළ වාර්තා වූ වැඩිම දඩ මුදල මෙය වන බවයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් කල්දේරා මහතා සඳහන් කළේ.
ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ඉදිරියේදී ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මකවන බැවින් සිය නිවෙස් අවට පරිශ්‍ර පිරිසිදුව පවත්වා ගන්නා ලෙසයි.














