පොලිසිය කියා සිටියේ ඊයේ(26) රාත්‍රී කාලයේ මහකුඹුක්කඩවල, සොහොන්කල්ම ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මහකුඹුක්කඩවල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 26ක් පමණ වූ සොහොන්කල්ම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
මියගිය තරුණය තම පියා සමග නිවසේ මත්පැන් බොමින් සිටියදී ඇති වූ ආරවුලක් මත පියා විසින් පොරවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇති බවද පොලිසිය පවසනවා.
මෘතදේහය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ආණමඩුව රෝහලට රැගෙන යාමට නියමිතයි.
වයස අවුරුදු 63ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහකුඹුක්කඩවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














