මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
අදාල ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.
ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100ක මුදලට මිලදී ගැනීමට නියමිතයි.
මේ අතර තෙතමනය 14% ට වැඩි හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් රුපියල් 88කට ලබා ගන්නා ලෙසයි ඊයේ නිකුත් කළ චක්රලේඛයෙන් දක්වා තිබුනේ.