එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.
මෙහිදී ආබාධයකට ලක්ව සිටින ක්‍රිස් වෝක්ස් පන්දුවට පහරදීම සඳහා පැමිණීම අද තරගයේ විශේෂ සිදුවීමක් වුණා.
ලන්ඩන් හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 374 ක් රැස්කර ගත්තා.
එම ඉලක්කය හඹා ගිය එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 367ක් පමණයි.
මෙම තරගයේ පළමු ඉනිම සදහා පන්දුවට පහර දුන් ඉන්දියාව සියල්ලන් දැවී ලකුණු 224 ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්තය සියල්ලන් දැවී ලකුණු 247 ලබා ගත්තා.
ඒ අනුව ලකුණු 23 ක් පසුපසින් දෙවන ඉනිම ඇරඹූ ඉන්දියාව දෙවන ඉනිමේදී ලකුණු 396 කට දැවී ගියා.