මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ පවතින මද වැසි හා විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් මත මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් පැවතිය හැකි බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසනවා.
මෙම ප්‍රදේශයන්ට විටින් විට මද වැසි සමග දැඩි මීදුම් තත්වයන් පවතින අතර එම තත්වයන් මත මෙම ප්‍රදේශයේ මාර්ග පද්දති ලිස්සන සුලු තත්වයන්ට මෙන්ම මීදුම් නිසා මාර්ග නොපෙනි යන තත්වයන් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු සඳහන් කළා.