මතුගම ප්‍රාදේශීය සබාවේ ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා ජනවාරි මස 8 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද(02) නියෝග කර තිබෙනවා.
එම සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දමල්ගොඩ මහත්මිය විසින් උදෑසන රාජකාරියට වාර්තා කළ අවස්ථාවේදී සභාපතිවරයා රාජකාරියට බාධා කරමින් හැසිරුණු බවට කියමින් මතුගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මින් පෙර ද ලේකම්වරියට බැණ තර්ජනය කර පහර දුන් බවට වූ සිද්ධියක් සම්බන්ධයෙන් සභාපතිවරයා අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටියා.













