මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊයේ මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ රැස්වීමකදී කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්.
ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් 600-700ත් අතර මිලකට අඩුවී ඇති බවයි.
එබැවින් මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
එමෙන්ම මිල ඉහළ යාම හේතුවෙන් මත්පැන් අලවිය 40%කින් අඩුවී තිබෙනවා.
තවද පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවයි කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කලේ.
කෙසේවෙතත් සුරාබදු සහ මත්පැන් නිෂ්පාදන අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු හේතුවෙන් මිල අඩු කිරීමට නොහැකි බවයි මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ .
උණුසුම් පුවත්
- දියේ ගිලි පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- ළමා රැකවරණයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
- වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්
- වියළි කාලගුණික තත්ත්වයක්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්










