පුත්තලම, නබඩවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගේ රුපියල් කෝටි 10ක් පමණ වටිනා දේපොළ දින 7ක් සඳහා ක්‍රියාවිරහිත කර තිබෙනවා.
එම ජාවාරම්කරු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඈති අතර එබැවින් මෙලෙස අදාල පුද්ගලයාගේ දේපල ක්‍රියා විරහිත කාර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
ඒ අනුව සැකකරු උපයාගත් දේපොළ සම්බන්ධයෙන් විමර්ශන කර, අයථා ලෙස උපයාගත් බවට සැකකෙරෙන ලොරි රථයක්, වෑන් රථයක්, කුඹුරු ඉඩම් 3ක්, ගොඩ ඉඩම් දෙකක්, ක්‍රියාවිරහිත කිරීමට පියවර ගෙන තිබෙනවා.