මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබෙනවා.
ඒ උපාය දූතයෙකු මාර්ගයෙන් මීගමුව ප්‍රදේශයේ අද(30) සිදු කළ වැටලීමකිනුයි.
මීගමුව ශාන්ත ජෝසප් මාවතේ දී මෙම වැටලීම සිදුකෙරුණු අතර මේ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදා ගෙන තිබෙනවා.
එහිදී අදාළ මොටර් රථය මෙම ස්ථානයට කැදවීමට කටයුතු කෙරුණු අතර පසුව එහි සිටි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් මෝටර් රථයෙන් පලායාමට උත්සාහ දරා තිබෙනවා.
කෙසේ වෙතත් එලෙස පලා යාමට උත්සාහ කළ මෝටර් රථයට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් අදාළ මෝටර් රථය නවතා ගැනීමට හැකිවූ බවවත් සැකකරුවන් දෙදෙනාද එහිදී අත්අඩංගුවට ගැනුණු බවත් පොලිසිය පවසනවා.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බවයි.
කෙසේ වෙතත් පොලීසිය සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පොලිස් උපාය දූතයා ලෙස කටයුතු කළ නිලධාරියාගේ වම් පාදයට තුවාල සිදුව ඇති බවද පොලීසිය පවසනවා.














