රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර කර තිබෙනවා.
රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව දැනුම් දුන්නා.
එහි මූලික පියවරක් ලෙස වන අලින් බහුල ලෙස සැරිසැරීම පිළිබඳව වාර්තා වී ඇති ප්‍රදේශයන්හි දී දුම්රිය ධාවන වේගය අවම වන ලෙස එම කලාප සඳහා අඩු වේගසීමාවක් ලබාදී දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මඩකලපුව මාර්ගයේ පලුගස්වැව සිට හිඟුරක් ගොඩ දක්වා සහ වැලිකන්ද සිට පූනානි දක්වා ද ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හන්දිය සිට කන්තලේ දක්වා ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම දුම්රිය කාලසටහන් සංශෝධනය සිදු කර තිබෙනවා.
එය 2025 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.