මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල සහ වැල්ලවාය ජනතාව භූ චලනයක් සිදු වන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත පැල්වත්ත සහ වැල්ලවාය බුත්තල ප්‍රදේශවල භූ චලනයක් සිදු වන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරිම් සහ අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහන් මාලාවක් පෙබරවාරි 16 මෙන්ම 21 යන දින වලදිත් සිදු කෙරුණා.
මෙම භූ කම්පන පිළිබදව අධ්‍යයනය කිරීම සදහා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයෙන් නිලධාරින් විසින් මේ පිළබදව අධ්‍යනය කර ඇති අතර එම වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද සදහන්.