බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේදී අද අලුයම සිදුවූ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.
වෙඩි තැබීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය පැවසුවේ අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 25 හැවිරිදි තරුණයෙක්.
බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මාර්ගයේ පා ගමනින් යමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීස් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සංගීත සංදර්ශනයේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැකපළ කරන්නේ..
සිදුකළ විමර්ශනවලදී දෙපාර්ශවයම යම් සංවිධානාත්මක කල්ලියකට අයත් පිරිසක් බවට අණාවරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා සදහන් කලේ.
උණුසුම් පුවත්
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට














