බිංගිරිය සහ පාතහේවාහැට යන ප්‍රාදේශීය සභා දෙකේ බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සමත්ව තිබෙනවා.
ඒ අනුව බිංගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගය නියෝජනය කරන කමල් විශ්වනාත් මහතා බහුතර ඡන්දයෙන් තේරී පත්ව තිබෙනවා.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට හා සභාපති ධුරය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය සමත්වූවා.
එහිදී සභාපතිවරයා තෝරා පත් කර ගැනීම ඡන්ද විමසීමක් පැවැත්වුණා.
එම ඡන්ද විමසීමේදී බහුතර බලයක් ලබාගැනීමට සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ රාජනායක මහත් සමත් වූවා.
ඒ අනුව පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස රාජනායක මහතා තේරී පත්වූවා.