
13 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන 20 හැවිරිදි තරුණයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය, හිරුවැල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු තමන්ට නිරන්තරයෙන් ලිංගික අතවර කළ බව දැරිය විසින් විදේශ ගතව සිට මෙරටට පැමිණි සිය මවට පවසා ඇති අතර, මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණේ.














