බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා නඩු කටයුත්තක් වෙනුවෙන් කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා.
ඒ ජයකොඩි මහතා 2015 වර්ෂයේ ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටයිදී පෞද්ගලික සමාගමක් වෙත නීති විරෝධී ලෙස ලාභයක් හෝ වාසියක් සිදු කිරීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වත්මන් බලශක්ති අමාත්‍යවරයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොඩනුකර තිබීම හේතුවෙන්.
ඒ මහතා උක්ත කාලයේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන හා ආනයන අංශයේ කළමනාකාරවරයා ලෙස සේවය කර තිබෙනවා.
එහිදී ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමියේ කාපට් ඇතිරීම සඳහා සිදු කරනු ලැබූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පැවැති දෝෂ සහගත තත්ත්වයක් මෙම චෝදනාවට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
එම සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට ලද පැමිණිල්ලකට අනුව එම කොමිෂන් සභාව සිදු කළ මූලික විමර්ශනයක් අවසානයේ සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට තීරණය කර තිබෙනවා.














