බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කීරමට තීරණය කර තිබෙනවා.
ඒ කැබිනට් මණ්ඩලය අද(09) රැස්වූ අවස්ථාවේදීයි.
අනුරාධපර මහාධිකරණය මගින් වරදකරු කර සිරදඬුවම් නියම කර සිටි අයෙකු වරදකරු කොට දින 10කට පසුව ජනාධිපති පොදු සමාය යටතේ මුදාහැරීම සම්බන්ධයෙන් මතු වූයේ අර්බුදකාරී තත්ත්වයක්.
එම සිදුවීම අදාළව සිදු කෙරුණු මූලික විමර්ශනවලින් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වන්නේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පසුගිය 7 වැනිදා පැය පහකට අධික කාලයක්ද ඊයේ(08) දිනයේදී පැය 10කට ආසන්න කාලයක්දද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලට ලක්වූවා.