බංග්ලාදේශය තුළ ඇතැම් දේශපාලන පක්ෂ තහනම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක්ගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ඔහු පවසන්නේ, බංග්ලාදේශයේ දේශපාලන පක්ෂ සහ ඒ ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීම පිළිබඳ කණස්සල්ල පළ කරන බවයි. කෙසේ වෙතත් එවැනි තීරණය මගින් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස අනිසි ලෙස සීමා කරන බව ඔහු අවධාරණය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවකට එක්වන ලෙසද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා බංග්ලාදේශයේ අන්තර්වාර රජයෙන් ඉල්ලා තිබෙනවා. රට තුළ නිදහස් සහ සියල්ලන් ඇතුළත් වන්නා වූ මැතිවරණ සඳහාද ඔහු ඉල්ලීම් කර ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













