සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ පළමුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු අටක් දැවී ලකුණු 220ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවනේ පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 46ක් රැස් කිරීමට සමත් වූවා. පෙර තරගයේ දක්ෂතා දැක්වූ නායක ෂන්ටෝ හට මෙවර තරගයේදී ලකුණු ලබාගැනීමට හැකි වූයේ අටක් පමණයි.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 35ක්ද ලිට්ටොන් දාස් ලකුණු 34ක්ද ලබාගැනීමට සමත් වූවා.
මෙහෙදි හසන් මිරාස් ලකුණු 31ක්ද නයීම් හසන් ලකුණු 25ක්ද ලබාගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, සොනාල් දිනූෂ කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූ අතර තරිඳු රත්නායක සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
තරගයේ දෙවන දිනය හෙටයි. තරගය කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙනවා.