Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංගලියන්ට එරෙහිව සිංහයන්ට සුපිරි ජයක්

    බංගලියන්ට එරෙහිව සිංහයන්ට සුපිරි ජයක්

    2025-09-14කියවීමට මිනිත්තු 3ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු හයක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ඊයේ(13) සමත් වූවා.

    ඒ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ පස් වන තරගයේ ජයග්‍රහණය අත්පත් කර ගනිමින්.

    බී කාණ්ඩයේ තරගයක් ලෙසින් තරගය පැවැත්වුණේ අබුඩාබිහිදියි.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදුන්නා.

    ඒ අනුව පිටියට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 139ක් ලබාගැනීමට සමත් වූවා.

    බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 11ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වූවා.

    බංග්ලාදේශය වෙනුවෙන් ශමිම් හොස්සෙයින් ලකුණු 42ක්ද ජාකර් අලි ලකුණු 41ක්ද නොදැවී ලබාගැනීමට සමත් වූවා.

    බංග්ලාදේශ කණ්ඩායමේ නායක ලිට්ටොන් දාස් ලකුණු 28කට දවා ගැනීමට වනිදු හසරංග සමත් වූවා.

    පන්දු යැවීමේදී වනිදු හසරංග පන්දුවාර 4ක් යොමුකර ලකුණු 25කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.

    එසේම නුවන් තුෂාර පන්දුවාර හතරකදී ලකුණු 17කට එක් කඩුල්ලක්ද දුශ්මන්ත චමීර පන්දුවාර හතරක් යොමු කර ලකුණු 17කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වූවා.

    ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් දෙදෙනාම තම පන්දුවාර 4 තුළදී නිලකුණු පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීම කැපීපෙනෙන ලක්ෂණයක්.

    ලකුණු 140ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් තම ජයග්‍රාහී කඩඉම පන්දුවාර 14.4කදී පසු කිරීමට සමත් වූවා.

    එහිදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු හතරක් බිඳ වැටී තිබුණා.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 50ක් ලබාගත්තේ පන්දු 34කදී එක් හයේ පහරක් සහ හතරේපහර හයක් සමගින්.

    නොදැවී පන්දුවට පහර දුන් කමිල් මිෂාර පන්දු 32කදී හයේ පහර දෙකක් හතරේ පහර හතරක් සමග ලකුණු 46ක් ලබාගැනීමට සමත් වූවා.

    එසේම නොදැවී පන්දුවට පහර දුන් නායක චරිත් අසලංක ලකුණු 10ක් ලබාගත්තා.

    කුසල් පෙරේරා ලකුණු 9ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 3කටද දැවී ගියා.

    ආශ්‍රීත පුවත්:  ආසියානු කුසලානයේ පළමු තැන ඉන්දියාවට

    දසුන් ශානක එක් ලකුණක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා .

    පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ මෙහෙදි හසන් කඩුලු දෙකක්ද මුස්ටෆිසර් රහ්මන් සහ ටන්සිම් හසන් ශකිබ් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ වීරයා ලෙස නොදැවී ලකුණු 46ක් ලබාගත් කමිල් මිෂාර නම් කෙරුණා.

    මේ අතර ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත්ව සිටිනවා.

    පාකිස්ථානය දෙවන ස්ථානයේත් ඕමානය තෙවන ස්ථානයේත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය සිව්වන ස්ථානයේත් පසුවනවා.

    එසේම බී කාණ්ඩයේ පළමු ස්ථානය ඇෆ්ගනිස්ථානයට හිමි වෙද්දි ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව සිටිනවා.

    බංග්ලාදේශය තෙවැනි ස්ථානයේත් හොංකොං සිව්වන ස්ථානයට පත්ව සිටින්නේ සහභාගි වූ තරග දෙකෙන් තරග දෙකම පරාජයට පත්වීමෙන්.

    මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය අද පස්වරුවේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    තරගය පැවැත්වෙන්නේ ඒ කාණ්ඩාය යටතේ තරග වදින ඉන්දීය කණ්ඩායම සහ පකිස්ථානය අතරයි.

    මෙය වඩාත් උණුසුම් සහ අවධානය යොමු වන තරගයක් බවයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.

    Asia cup 2025 sri lanka vs bangladesh
    පෙර පුව​තශ්‍රී ලංකා පන්දුව හමුවේ බංග්ලාදේශය අසරණ වෙයි
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට වැසි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group