පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි සැකකරුවෙක් හෙරොයින් සමග වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ලෙස හඟවමින් විවිධ ප්‍රදේශවල හෝටල් සහ අවන්හල් හිමියන්ට වට්ස්ඇප් ඔස්සේ ඇමතුම් ලබාදී බියගන්වා එම ව්‍යාපාරිකයන්ගෙන් අයථා ලෙස මුදල් ලබාගන්නා ලද පුද්ගලයෙකු සම්බන්ධයෙන් පානදුර වලාන දූෂන මර්ධන ඒකකයට ලද තොරතුරක් මත එම ඒකකය මගින් විමර්ශන ආරම්භ කෙරුණා.
එම විමර්ශනයට අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු මාර්තු මස 25 වන දින සවස් කාලයේ ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 620ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 31ක් පමණ වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම, සොරකම, කොල්ලකෑම් හා කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධවලට වරදකරු වී බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
මොහු අම්බලන්ගොඩ, ගන්දර, රත්නපුර, හොරණ, පානදුර, මාරවිල සහ ත්‍රීකුණාමලය යන ප්‍රදේශවල හෝටල්, අවන්හල් හිමිකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් බිය ගන්වමින් අයථා ලෙස මුදල් ලබාගෙන ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙවැනි ආකාරයට පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යම් අයෙකුගෙන් අයථා ලෙස මුදල් ලබාගැනීම් හෝ වෙනත් තර්ජනය කිරීමකට ලක්ව ඇත්නම් නොපමාව 119 හා 118 හදිසි ඇමතුම් අංකය වෙත හෝ ළඟම පොලිස් ස්ථානය වෙත දැනුවත් කරන මෙන් මහජනතාවගෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටිනු ලබනවා.














