පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි ඒ මහතා දෙදරු පියෙක්.
වැලිසර ළය රෝහලේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද උදෑසන මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ..
වසර 15ක පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සේවා කාලයක් සපුරා ඇති ඒ මහතා පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට බැඳී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර තිබුණා.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













