පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට නාවලපිටිය පොලිසිය පවසනවා.
නාවලපිටිය, ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.
බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වෙන්ව තනිවම ජීවත් වූ ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ(14) දින රාත්‍රීයේ නිවසේ සිටියදී ඒ අසලම පදිංචි පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඝාතනයට ලක්වූ පුද්ගලයා අතර බහින් බස්වීමක් ඇති වී ඇති බවත් එය දුරදිග යාමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයා විසින් එම පුද්ගලයාගේ හිසට පහරදී ඝාතනය කර සැකකරු නාවලපිටිය පොලිසිය වෙත දුරකථනයෙන් දැනුම්දී භාර වී ඇති බවත් නාවලපිටිය පොලිසිය පවසනවා.
සැකකරුගේ සහෝදරියක් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නීත්‍යානුකූළ බිරිඳ බවත් එම කාන්තාව ඝාතනයට ලක්වූ පුද්ගලයාගෙන් වෙන්ම වෙනත් පුද්ගලයෙකු විවාහ කරගැනීමට සැකකරු උදව් කළ බවට උරණ වී කාලයක් තිස්සේ එම දෙදෙනා අතර බහින්බස්වීම් සිදුව ඇති බවයි ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වන නාවලපිටිය පොලිසියේ නිලධාරියෙක් කියා සිටියේ.
සැකකරු ඊයේ(14) රාත්‍රී 9ට පමණ තම නිවස බදු දී ඇති පුද්ගලයාගෙන් කුලී මුදල ලබාගැනීමට මුහුදු පදිංචිව සිටි නිවසට පැමිණි අවස්ථාවේ ඝාතනයට ලක්වූ පුද්ගලයා සැකකරු දැක බහින් බස්වී තියුණු ආයුධයකින් සැකකරුට ඇනීමට තැත් කිරීමේදී එයින් මිදීමට පොල්ලකින් පහරදී එම පුද්ගලයා ඝාතනය කළ බවට පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.
සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ කොළම කඳවුරක සේවය කරන පොලිස් නිලධාරියෙක් බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්. කුලතුංග මහතා කියා සිටියේ.
ඝාතනය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.













