ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකට අද දින පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගත හැකි වනවා.
සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතරේ පෘථිවියේ වඩාත් අඳුරු වූ පූර්ණ ඡායාව තුළින් සඳු ගමන් කිරීම හේතුවෙන් පැයකුත් විනාඩි 22 ක කාලයක් සඳ අඳුරු වීම මෙහිදී සිදු වනවා.
පූර්ණ චන්ද්‍රග්‍රහණය අද රාත්‍රී 8.58 සිට පසුදා අලුයම 2.25 දක්වා පවතිනු ඇති.
මෙම චන්ද්‍රගහණයේ ඇති විශේශත්වය වන්නේ චන්ද්‍රයා තද රතු පැහැයෙන් දිස් වීමයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගනයේදී අද රාත්‍රී 7 සිට චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ කඳවුරක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට නැවත අවස්ථාව නොලැබෙන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතාසදහන් කළේ.
උණුසුම් පුවත්
- වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
- ගර්භණී කාන්තාවන්ට රුපියල් 5,000ක පෝෂණ දීමනාවක් – VIDEO –
- ආණ්ඩුවේ වී තොග වෙළඳපොළට නිකුත් කරන්න කැබිනට් අනුමැතිය – VIDEO –
- පොලීසිය ශේප් කරන හැටි විමල් කියයි ! – VIDEO –
- එයාලා මෙයාලා ඔක්කොම එකයි – චමින්ද විජේසිරි – VIDEO –
- කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ 6 දෙනෙකු අත්අඩංගුවට
- විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශ කෙරේ
- සහන බෙදාහැරීමේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට













