පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහියංගනය පොලිසියේ නිලධාරීන් කන්ඩායමකට ලද තොරතුරුක් මත මහියංගනය, රන්දොලියගල ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී මෙලෙස පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් කැනීම් උපකරණ හා පූජා භාණ්ඩද සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් වයස අවුරුදු 20, 27, 28 සහ 29 යන වයස්වල පසුවන තෙල්දෙනිය, රජවැල්ල සහ මිනිපේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













