වැසි තත්වයේ වැඩි වීමක් අද සහ හෙට දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
ඒ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලයට කිලෝමීටර 350 ක් පමණ ඊසාන දෙසින් පවතින පීඩන අවපාත තත්වය අද දිනයේදී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ අවදානමක් පවතින බැවින් .
මේ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලාකුලින් බර ස්වභාවයක් ගනු ඇති.
විටින් විට පැයට කිලෝමීටර 40ත් 50 ත් අතර තද සුළං ඇතිවීමේ අවදානමක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ .
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ආපදා තත්වයක් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා කණ්ඩායම් සූදානම් කර ඇති බවයි.