
පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් විවෘත කර තිබෙනවා.
පසුගිය 25 වැනි දින මෙම කොන්සියුලර් කාර්යාලය නිල වශයෙන් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම අවස්ථාව සඳහා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා, තානාපති කාර්යාලයේ අනුයුක්ත/කොන්සියුලර් නිලධාරිනී චතුරි කල්පනා, මින්ඩනාඕ හි ශ්‍රී ලංකා කොන්සියුලර් විලියම් චෙන් ඇතුළු රාජ්‍ය හා ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී තිබුණා.














