පසුගියදා දකුණු චීන මුහුදේදී චීන වෙරළාරක්ෂක හමුදා යාත්‍රාවකින් පිලිපීන හමුදා යාත්‍රාවකට ජල ප්‍රහාරයක් එල්ල කර සෙබළුන් තිදෙනකුට තුවාල සිදු කළ බවට චෝදනා කරමින් බීජිං නුවර සිය රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා යළි කැඳවීමට පිලිපීන රජය කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
පිලිපීන හමුදා යාත්ර්රාවට මේ ජල ප්‍රහාරය එල්ල වී ඇත්තේ දකුණු චීන මුහුදේ පිලිපීනයට නාවික සැතපුම් 105ක් දුරින් යාත්‍රා කරමින් සිටියදී බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.