නිසිකලට තීන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පිරිවෙන් ගුරුවරුන් පිරිසකට වසරකට අධික කාලයක සිට වැටුප් නොලබා සේවය කිරීමට සිදුව ඇතැයි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය පවසනවා.
එහි ලේකම් පුජ්‍ය මිගහජඳුරේ සීලානන්ද හිමියන් සඳහන් කළේ, පිරිවෙන් ගුරුවරුන් 247 දෙනෙකු මෙම අසාධාරණයට ලක්ව ඇති බවයි.
මෙම ගුරුවරුන්ට හිමි වැටුප් ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළ ද බලධාරීන් ඊට විසඳුම් ලබා නොදෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ.
පරිවේණාචාර්ය සේවය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්ද ගැටලු රැසක් පැන නැගී ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ
මෙරට පිරිවෙන් 850කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර එහි සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව 6500කට අධිකයි.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














