නිසිකලට තීන්දු ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පිරිවෙන් ගුරුවරුන් පිරිසකට වසරකට අධික කාලයක සිට වැටුප් නොලබා සේවය කිරීමට සිදුව ඇතැයි ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය පවසනවා.
එහි ලේකම් පුජ්‍ය මිගහජඳුරේ සීලානන්ද හිමියන් සඳහන් කළේ, පිරිවෙන් ගුරුවරුන් 247 දෙනෙකු මෙම අසාධාරණයට ලක්ව ඇති බවයි.
මෙම ගුරුවරුන්ට හිමි වැටුප් ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළ ද බලධාරීන් ඊට විසඳුම් ලබා නොදෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ.
පරිවේණාචාර්ය සේවය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්ද ගැටලු රැසක් පැන නැගී ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ
මෙරට පිරිවෙන් 850කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර එහි සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව 6500කට අධිකයි.
උණුසුම් පුවත්
- බෙල්ලනගේ වැඩ තහනම්
- වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ
- රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීමත් පරදී
- නායයාමේ අවදානමක් නිසා පුස්සැල්ලාව ටවුමේ කඩ හතක් වසාදමයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙක් අල්ලයි
- පුද්ගල ඝාතන දෙකක්
- උඩරට එළවළු මිලට වඩා පහතරට එළවළු මිල සීග්‍රයෙන් ඉහලට
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා













