අද උදෑසන පෑලියගොඩ – ඥානරතන මාවතේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචිමාර්ග සදහන් කළේ.
පෑලියගොඩ, ඥානරතන මාවතේදී අද උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
සංවිධානාත්මක අපරාද කල්ලි සාමාජිකයෙකුගේ මෙහෙයවීම මත ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.