එම කණ්ඩායමට ලෝකඩ පදක්කම් දිනාගත් නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි ද ඇතුලත්වූ අතර ඔවුන් පිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් හා ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් පැමිණ සිටියා.
දුර පැනීමේ ඉසව්වෙන් මීටර 6 යි දශම 4 යි 6 ක් පනිමින් නුවන් ඉන්දික ලෝකඩ පදක්කම දිනාගත් අතර මීටර 1,500 දිවීමේ ඉසව්වට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි ආසියානු තරඟ වාර්තාවක්ද තබමින් එහි ලෝකඩ පදක්කම දිනාගත්තා.
එමෙන්ම මෙම තරගාවලියට සහභාගී වූ මීටර් 100 සහ දුර පැනීමේ ඉසව්වලට සහභාගී වූ ජනනි ධනංජනා ඇයගේ හොඳම තරග කාළය වාර්තා කිරීමට සමත් වී තිබූ අතර මෙම තරගාවලියේ දුර පැනීමේ ඉසව්වට සහභාගී වූ බුද්ධික ප්‍රනාන්දු ඔහුගේ වැඩිම පුද්ගල දක්ෂතාවය පෙන්නුම් කිරීමට ද සමත් වී තිබුණා.
මෙම ක්‍රීඩකයින් අද දින අලුයම 02.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.