නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරුද්ධ වූ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ තෙමහල් ගොඩනැගිල්ලකින් යුත් නිවසට සහ වෙළෙඳ සැලට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ(07) දින රාත්‍රී කිසියම් පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කර ගිනි තැබීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අංශ ගණනාවකින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
රාත්‍රී 11ට පමණ පොලු මුගුරු සහ බෝතල් කිහිපයක්ද රැගෙන පැමිණි එම පිරිස මුලින්ම එම වෙළෙඳ සැලට සහ නිවසට ප්‍රහාරයක් එල්ල කර පසුව එම ගොඩනැගිල්ලට ගිනි තැබීමටද උත්සාහ කර පලාගොස් තිබෙනවා.
එම අවස්ථාවේ වෙළෙඳසැල්හිමියා ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව පැතිර යන ගින්න පාලනය කිරීමට සමත්ව ඇති අතර එම පැමිණි පිරිස වෙලෙඳ සැල් හිමියාගේ යතුරු පැදියටද පහරදී තිබෙනවා.
ප්‍රහාරය එල්ල කිරීමට පැමිනි පුද්ගලයා පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානය ඉදිකිරීම භාරව කටයුතු කළ පුද්ගලයා බවට වෙලෙඳ සැල් හිමියා විසින් හඳුනාගෙන තිබෙනවා.
එම පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බවත් එම සැකකරුට එරෙහිව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක්ද විභාග වෙමින් පවතින බවත් වෙළෙඳ සැල් හිමියා පවසනවා.
පාස්ටර් ජෙරම් එම යාඥා මධ්‍යස්ථානය ඉදිකිරීමට එමඉ ඩම මිලදී ගෙන ඇති අතර එම ඉඩමේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මේ වසරේ ජුනි මාසයේ පාස්ටර් ජෙරම් පැමිණි අවස්ථාවේ අදාළ වෙළෙඳ සැල් හිමියා සහ ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පෑම හමුවේ පාස්ටර් ජෙරම් සහ පැමිණි පිරිස එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.
පහරදීමට පැමිණි පුද්ගලයන් සීසීටීවි දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිසිය විමර්ශනය ආරම්භ කර තිබෙනවා.













