හබරාදුව, කතලුව පාලම අසල මෝය ප්‍රදේශයේ දිය නාමින් සිටි පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ අදාල සිසුවා සිය මිතුරෙකු සමග දිය නාමින් සිටියදී දියවැලකට හසු ව ගසාගෙන ගොස් ඇති බවයි.
එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් එක් සිසුවකු බේරාගෙන තිබෙනවා.
අතුරුදන් වූ 14 හැවිරිදි පාසල් සිසුවා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ