දිවයින පුරා පිහිටි 1AB ගණයේ සහ 1C ගණයේ පාසල් විද්‍යාගාරවල උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මිලදීගැනීම වෙනුවෙන් පාසල් පාදක ප්‍රදානයක් ලෙස මිලියන 500ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.
ඒ 2025 වර්ෂයේ ද්වීතීක අධ්‍යාපන ආංශික වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා අංශය මගින් මේ වනවිට අදාළ ප්‍රතිපාදන පාසල් සංවර්ධන සමිති ගිණුම් වෙත බැර කරමින් පවතින අතර පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන ප්‍රතිපාදන වෙන් කිරීම සිදුකරනු ලබනවා.
මෙහිදී පාසලකට ලැබෙන උපරිම මුදල රුපියල් මිලියනයකි.
අවම මුදල රුපියල් 40,000 කි.
විද්‍යා අධ්‍යාපනයේ ප්‍රවර්ධනය හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් ලබාදීම මෙහි අරමුණයි
එමෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට අවශය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් මෙහි අරමුණ වනවා.