පාතාල කණ්ඩායම් සිය ප්‍රතිවාදීන් බන්ධනාගාර තුළදී ඝාතනය කිරීමට මේ වන විට උත්සාහ දරමින් සිටින බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙනවා.
අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුළදී රැඳවියන් දෙදෙනෙකු විසින් තවත් රැදවියෙක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ සිදුවීමක් පසුගිය දා වාර්තා වුනා.
දෙවුන්දර විෂ්ණු දේවාලය අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු තරුණයෙකුගේ සොහොයුරෙකු මෙලෙස ඝාතනය කිරීමට තැත් කර ඇති බවයි සදහන් වන්නේ.
එහිදී එක් රැඳවියෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
එම තරුණයන් දෙදෙනා ඝාතනය කිරීම, අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තා මෙහෙයවා තිබූ අතර මෙම ඝාතන තැත ද ඔහු මෙහෙයවා ඇති බවටයි අණාවරණය වී ඇත්තේ.
බන්ධනාගාරය තුළදී ආහාර ලබාදෙන ඇලුමිනියම් පිඟානකින් සැකසූ තියුණු ආයුධයකින් එම රැඳවියන් පහරදීම සිදුකර තිබෙනවා.
උණුසුම් පුවත්
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට














