අවාරයේ ශ්‍රී පාද උඩමළුව දක්වා දින ගණනාවක් පා ගමනින් යන යුද හමුදා විශ්‍රාමික පී.ජී. ධර්මතිලක මහතා අද(24) දින නෝර්ටන්බි්‍රජ් නගරයට පැමිණ තිබෙනවා.
පසුගිය 22 වන දින මහනුවර තලාතුඔය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කළ ධර්මතිලක මහතා තලාතුඔය, මහවංගුව, මොරගොල්ල, ශ්‍රියාගම, ගලහා, දොළුව, ගම්පොළ, නාවලපිටිය, ගිනිගත්හේන, දියගල, නෝර්ටන්බි්‍රජ්, මාවුස්සකැලේ හරහා කිලෝමීටර් 103ක් දුර ගෙවා එළැඹෙන 26 වන දින උදෑසන ශ්‍රී පාද උඩ මළුව වෙත ළඟාවීම ඔහුගේ අපේක්ෂාවයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුවේ වසර 26ක් සේවය කර දැනට විශ්‍රාම සුවයෙන් පසුවන පී.ජී. ධර්මතිලක මහතා මේ වන විට 58 වන වියේ පසුවෙයි.
පවුලේ සාමාජිකයන් සමග ශ්‍රීපාද සමයේදී පින්කම් රැසක් සිදුකරන ධර්මතිලක මහතා මීළඟ ශ්‍රීපාද වන්දනාවාරයට පෙර පා ගමනින් ගොස් ශ්‍රී පාදස්ථානය කරුණා කරන බවට සිතේ ඇති වූ අධිෂ්ඨානයක් මත තනිවම ශ්‍රීපාදස්ථාන උඩමළුව දක්වා පා ගමනින් ගොස් සමන් දේව ආශීර්වාදය ලබාගන්න බවයි පී.ජී. ධර්මතිලක මහතා කියා සිටියේ.













