ප්‍රදේශ දෙකක සිදු වූ දියේ ගිලීමේ සිද්ධීන් දෙකකින් කාන්තාවක් සහ තවත් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කිය සිටියේ මරදන්කේනි, තාලෙයඩි මුහුදු තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්වා ඇති බවයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ ආලියාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් පම ූ අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
මරදන්කේනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ඊයේ(28) සවස් කාලයේදී වෙන්නප්පුව, නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිං ඔයට පැන දියේ ගිලී අතුරුදන්ව ඇතිබ වට වෙන්නප්පු පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙනවා.
මෙලෙස අතුරුදන් තරුණිය වයස අවුරුදු 17ක් පමණ වූ පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
දියේ ගිලී අතුරුදන් තරුණිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණයෙකුට එම ස්ථානයට පැමිණීමට දුරකථනයෙන් දැනුම්දී ඇති අතර ඔහු තවත් මිතුරෙකු සමග නයිනමඩම පාලම අසලට පැමිණෙන විට එම තරුණිය ගිංඔයට පැන ඇති බවටත් තරුණිය බේරා ගැනීම සඳහා තරුණයාද ගිං ඔයට පැන ඇති අතර ප්‍රදේශවාසීන් විසින් එම තරුණයා බේරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
තරුණිය දියේ ගසාගෙන ගොස් ඇති බවද පොලිසිය කියා සිටියා.
වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













