පල්ලේවෙල සහ ගනේගොඩ දුම්රිය ස්ථාන අතර සහ වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.
මේ අතර, අයහපත් කාලගුණික තත්ත්වය සමග ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා සංඥා පද්ධතියේ දෝෂ ඇතිවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් කිහිපයක් දක්නට ලැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.
එමෙන්ම වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක් ජලයෙන් ගසාගෙන යාම හේතුවෙන් මේ වනවිට කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වග දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
- හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
- හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
- අද දවසේ කාලගුණ තත්ත්වය













