දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු යන පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම තත්ත්වයත් සමග ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උණුසුම් පුවත්
- ලංකා ගුරු සංගමයෙන් රජයට ඉල්ලීමක්
- බදුල්ලේ ස්ථාන හතක පරීක්ෂාවක්
- රුසියානු ගුවන් යානයකින් තවත් ආධාර තොගයක් මෙරටට
- බෝගහපතනේ නායයෑමක්
- සුඩාන ගුවන් ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 1,700ක් මරුට
- දෙසැම්බරයේ මුල් දින 8ට තුළ මෙරටට පැමිණි සංචාරකයින් 50,000 ඉක්මවයි
- බැටරියක් ජිවිත 22 ක් අහිමි කරයි
- තරඟේ පැරදිලත් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවක් !











