ප්‍රංශයේ Mulhouse ප්‍රදේශයේ පිහි ඇනුමක් සිදුව තිබෙනවා.
එම සිදුවීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තුවාල ලැබූ දෙදෙනා පොලිස් නිලධාරීන් වන අතර පිහි ඇනුම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් වන බවයි.