ඊයේ අහංගම පොලිස් වසමේ යටගහකැලේ ප්‍රදේශයේ ඉදිකිරීම් භූමියක පස් කන්දක් කඩාවැටී එයට යටවීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
පස්කන්දට යටවී සිටි පුද්ගලයින් තිදෙනා පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගොඩට ගෙන ගොන්නගහහේන රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔවුන් මියගොස් සිට බවයි පොලිසිය පැවසුවේ.
මියගිය පුද්ගලයින් අවුරුදු 40,47 හා 60 වයස්වල පසුවන පදියතලාව,දියසෙන්පුර සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













