ඊශ්‍රායලය සහ හමාස් සටන් විරාම ගිවිසුම යටතේ ඊශ්‍රායලය විසින් පලස්තීනුවන් 90 දෙනෙකු නිදහස් කිරීමට නියමිත බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබෙනවා.
එම සිරකරුවන් අතර ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවී තිබූ සිරකරුවන් 9 දෙනෙකු සහ දීර්ඝ කාලීන සිර දඩුවම් නියම වූ සිරකරුවන් 81 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර ගාසාහි නුසෙයිරාට් සරණාගත කදවුරේ ධීවරයෙකු ඊශ්‍රායල හමුදා වෙඩි පහරකින් ඝාතනය කර තිබෙනවා.
එම ඝාතනය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන බවයි ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කළේ.
උණුසුම් පුවත්
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
- පිංවත්තේ පුද්ගල ඝාතනයක්














