පර්යේෂණ හා සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය එක්වයි.
මෙම නව ප්‍රතිපත්තිය මගින් රටේ සංවර්ධන දැක්මට අනුව නවෝත්පාදනය සහ වානිජ කරනය වේගවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
එමගින් සමාජ සංවර්ධනය සහ පාරිසරික තිරසරභාවය සාක්ෂාත් කර ගැනීම සදහා රජය කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මේ සදහා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.
ඊඨ අමතරව දෙස් විදෙස් විශේෂඥයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක්ද මේ සදහා සම්පත් දායකත්වය ලබා දෙන බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාව සදහා අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සහ පෞද්ගලික පර්යේෂණ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින් සහභාගී වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













