පර්යේෂණ හා සංවර්ධන ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලය සහ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය එක්වයි.
මෙම නව ප්‍රතිපත්තිය මගින් රටේ සංවර්ධන දැක්මට අනුව නවෝත්පාදනය සහ වානිජ කරනය වේගවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
එමගින් සමාජ සංවර්ධනය සහ පාරිසරික තිරසරභාවය සාක්ෂාත් කර ගැනීම සදහා රජය කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මේ සදහා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසමේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.
ඊඨ අමතරව දෙස් විදෙස් විශේෂඥයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක්ද මේ සදහා සම්පත් දායකත්වය ලබා දෙන බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාව සදහා අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සහ පෞද්ගලික පර්යේෂණ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින් සහභාගී වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ඉහළ තේමලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘතයි
- තේක්ක රක්ෂිතයක ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
- පාකිස්ථානයේ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට
- සහල් ආනයනය ගැන කෘෂි ඇමතිගේ ප්‍රකාශයට විරෝධය
- ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සිකුරාදා
- හම්බන්තොට ලුණු නිෂ්පාදනය ඇරඹෙයි
- මහින්දානන්දට සහ නලින්ට අධි චෝදනා
- ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කෙරේ.