ජාතික ජන බලවේගයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරී පත්වී දැනට ස්වාධීනව කටයුතු කරන සභාපති ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා අද(30) දින නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව වෙත ගොස් නිල වශයෙන් එම සභාවේ ලේකම් කේ. මුරලි මහතා ඉදිරියේදී වැඩභාරගෙන තිබෙනවා.
කිසිදු උත්සවයකින් තොරව එම සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ දොන් බැස්ටියන් බන්දුසිරි රණවීර මහතා සහ එම සභාවට දමිළ ප්‍රගතිශීලි පෙරමුනේ තේරී පත් වූ උප සභාපති නඩරාජා සිවකුමාර් මහතා සමග පැමිණ ලේකම්වරයා ඉදිරියේ දිවුරුම්දී නිල වශයෙන් වැඩ භාරගෙන තිබෙනවා.
වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියේ දූෂණයෙන් තොර නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව නෝර්වුඩ් බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් අද(30) දින සිට සිදුකිරීමට කටයුතු කරන බවයි.
මෙහිදී අදහස් දැක්වූ එම සභාවේ උපසභාපතිවරයා නඩරාජා සිවකුමාර් මහතා කියා සිටියේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව තුළ පසුගිය පාලන කායේ දූෂණ වංචා රැසක් සිදුවී ඇති බවත් එම දූෂණ වංචා සිදු කළ අයට එරෙහිව නීතිමය පියවර ගෙන නෝර්වුඩ් ප්‍රදේශීය සබාවේ බල ප්‍රදේශයේ ජනතාවට ආණ්ඩු පක්ෂය සමග එක්වී උපරිම සේවාවක් සිදු කරන බවයි.
එම සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ දැනට ස්වාධීනව කටයුතු කරන දොන් බැස්ටියන් බන්දුසිරි රණවීර මහතා කියා සිටියේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව දූෂණයෙන් සහ වංචාවෙන් තොර සභාවක් බවට පත ්කිීමට සභාපතිවරයාට උපරිම සහයෝගය ලබාදෙන බවයි.