නේපාල විදේශ ඇමතිනි ආචාර්ය බිමලා රායි පෞද්යල් සිව් දින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතයි.
ඒ විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍රගේ මහතාගේ ආරාධනයකට අනුවයි.
ලබන 4 වැනිදා පැවැත්වෙන 75 වන නිදහස් දිනයේ ගෞරවනීය ආරධිතයෙකු ලෙස ද ඇය එක්වීමට නියමිත බව සදහන්.
ඇයගේ මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු ඇමතිවරයා ද හමු වනු ඇති.
මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ සිදු වුණා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.
දෙදින සංචාරයක් සඳහා වික්ටෝරියා නූලන්ඩ් පෙරේදා ශ්‍රී ලංකාවට පැමිණියා.