නූරිය, නූරියවත්ත 2 කොටසෙහි පිරිමි ළමයෙක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ නූරියවත්ත 02 කොටසෙහි ළමයෙකුට පහර දෙන බවට නූරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පිරිමි ළමයෙකු නිවස අසල වැටී සිටියදී නිලධාරීන් විසින් ළමයා නූරිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට රෝහලේ වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇති බවයි.
ඒ අනුව නූරිය පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක් පමණ වූ නූරියවත්ත 02 කොටස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පිරිමි ළමයාගේ මරණය සැකසහිත බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මරණයට සැකපිට ළමයාගේ පියා නූරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් නූරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













