නීති විරෝධීව මැණික් ගරමින් සිටි සැකකරුවෙක් සහ නීති විරෝධීව පුරාවස්තු කැණීම් කරමින් සිටි සැකකරුවෙක් බගවන්තලාව සහ පූජාපිටිය යන ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙක් බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ(26) දින සවස බගවන්තලාව, චැපල්ටන් වත්ත ප්‍රදේශයේදී බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙක් මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 30ක් පමණ වන බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මේ අතර නීති විරෝධීව ලෙස පුරාවස්තු කැණීම් කරමින් සිටි සැකකරුවෙක් පූජාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ (26) දින රාත්‍රී පූජාපිටිය, බටගල්ල ප්‍රදේශයේදී පූජාපිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කරනු ලැබූ වැටලීමකදී නීති විරෝධී ලෙස පුරාවස්තු කැණීම් කරමින් සිටි සැකකරුවෙක් කැණීම් උපකරණ හා ඩීසල් ලීටර් 46ක්ද සමගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු වයස අවුරුදු 52ක් පමණ වන බටගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
පූජාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














